නව වසරේ ගිනි අවි පාලනයට ඔබාමාගෙන් ප්‍රතිඥා

Saturday, 02 January 2016 - 8:28

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F
ගිනි අවි භාවිතයෙන් ඇමරිකාවේ සිදුවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට ඒකපාක්ෂික පියවරක් ගැනීමට තමා සූදානම් බව ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළා.

2016 වසරේ සිය ප්‍රථම මහජන දේශනය පවත්වමින් ඇමරිකානු නායකයා කියා සිටියේ අර්බුදයට විසදුමක් ගෙන ඒමට කොංග්‍රස් මණ්ඩලය අපොහොසත් වී ඇති බවයි.

ගිනි අවි පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතිපතිනී ලොරෙටා ලින්ච් මුණ ගැසීමට ද බලාපොරොත්තු වන බව ජනාධිපති ඔබාමා සදහන් කළා.

පෞද්ගලික ගිනි අවි භාවිතය පාලනය කිරීමට කොංග්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් විරෝධය පළ කරනවා.

කෙසේ නමුත්, ඇමරිකානු දෙමාව්පියන්, ගුරුවරුන් සහ දරුවන්ගෙන් ඒ සඳහා පියවරක් ගන්නා ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී ඇති බව ජනාධිපති ඔබාමා සදහන් කළා.

පසුගිය 2015 වසරේදී ඇමරිකාවේ ගිනි අවි භාවිත කළ ප්‍රචණ්ඩ ක්‍රියා 353ක් වාර්තා වූ අතර, එහිදී මිය ගිය සංඛ්‍යාව 12,223ක්.

මෙයින් වෙඩි තැබීම් 62ක් සිදුවී ඇත්තේ ඇමරිකාවේ පාසල් සහ විද්‍යා ආයතනවලයි.

 .


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories