වදහිංසා කර උකුස්සා මැරු අයට වැඩ වරදී

Thursday, 10 March 2016 - 10:35

%E0%B7%80%E0%B6%AF%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%8B%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
වද හිංසා කරමින් උකුස්සකු මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කදුරුදුව ප්‍රදේශයේදීයි.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ වරදක් සිදු  කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කලා.   

පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් වදහිංසා කරමින් උකුස්සකු මරා දැමීම පිළිබඳ පසුගිය දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පළවී තිබුනා.

ඒ අනුව ලැබුනු තොරතුරු මතයි හබරාදුව පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ.

විමර්ශණයේදී තොරතුරු අනාවරණ වී ඇත්තේ මෙම අපරාධය සිදුව ඇත්තේ හබරාදුව බඹගල පාලම අසල ප්‍රදේශයේදී බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා නුගදුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අය බව සඳහන්.

ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories