ප්‍රංශයේ ඩෙංගු එන්නත ලංකාවට සුදුසු දැයි පරීක්ෂාවට

Sunday, 24 April 2016 - 7:29

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ප්‍රංශයේ නිෂ්පාදිත ඩෙංගු ප්‍රතිශක්තීකරණ එන්නත ශ්‍රී ලංකාවට සුදුසුදැයි පරීක්ෂා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති බවයි.

එම එන්නත භාවිතයට සුදුසු නම් එය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී  තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රංශ තානාපතිවරයා විසින් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයාව දැනුවත් කර ඇති බව සදහන්.

අදාළ එන්නත මේ වන විට විදේශිය රටවල් 04 ක භාවිතා කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජාතික උපදේශන කමිටුව කඩිනමින් පත් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උපදෙස් ලබා දි තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවා වසරක් ගත වි ඇතත් ජාතික උපදේශන කමිටුව මෙතෙක් පත් කර නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories