International05 May 2016

කැනඩාවේ ලැව්ගිනි උග්‍ර වෙයි

ලැව්ගිනි පැතිර යාම හේතුවෙන් කැනඩාවේ - ඇල්බාටා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 88,000 ක් ඉවත් කර ඇති අතර, නිවාස සහ ගොඩනැගිලි 1600 ක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

අවතැන්වූ පිරිස් අතර ශ්‍රී ලාංකික පවුල් 10 ක් පමණ සිටින බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

කැනඩා බලධාරින් ඇල්බර්ටා ප්‍රාන්ත වැසියන්ට දැනුම්දී ඇත්තේ ඉදිරි පැය 24 ක කාලය තුළ ලැව් ගින්න පිළිබදව අවධානයෙන් සිටින ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes