බලංගොඩ - නියඳගල මෙහෙයුම් තාවකාලිකව නවතා දමයි

Thursday, 05 May 2016 - 16:56

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B3%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
බලංගොඩ - පරෙයියන්ගල - නියඳගල කන්ද නායයෑමෙන් අතුරුදන්වූ හිමිනම සොයා  දෙවන දිනටත් සිදුකළ මෙහෙයුම් මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මෙහෙයුම් කටයුතු සදහා බාධා වී ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

වර්ෂාපතනයත් සමඟ පස් කන්ද සේදී පහළට ගලා ඒමේ අවදානමක්  හේතුවෙන් ඊයේ දිනයේ දී ද තාවකාලිකව මෙහෙයුම් කටයුතු නතර කෙරුණා.

හිමිනම සෙවීම සඳහා යුද හමුදා සෙබළුන්, පොලිසිය , ප්‍රදේශවාසීන් මෙන්ම මහා සංඝරත්නය ද අද දිනයේද එක්ව සිටි බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories