ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙකුට තුවාල

Thursday, 19 May 2016 - 8:28

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
වෙන්නප්පුව - බෝලවත්ත සහ ලූණුවිල දුම්රිය ස්ථාන අතර බොරලැස්ස දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද උදෑසන හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

සිද්ධියෙන් තුවාල ලැබූවන් මේ වනවිට දංකොටුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ හේතුවෙන් හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියවල ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය  සදහන් කළේ.

මේ අතර, ඉහළ කෝට්ටේ සහ බලන අතර දුම්රිය මාර්ගය ගිලා බැසීම නිසා කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා ගමන් ගත් දුම්රියක් පිළි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තවදුරටත් සීමා කෙරෙනවා.

කොළඹ - පිටත අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට කඩවත දක්වා පමණක් අද දිනයේත්  පෙරවරු 6 සිට රාත්‍රී 10 දක්වා ගාස්තු අය කිරීමකින් තොරව ධාවනය කිරීමට අවසර ලබාදෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ එස්.  ඕපනායක පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories