බිරිඳ ගිනි තබා ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

Tuesday, 31 May 2016 - 13:16

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
සිය බිරිඳ කාමරයක සිර කොට ඇගේ සිරුරට භූමි තෙල් හලා ගිනි තබා ඝාතනය කළ පුද්ගලයෙකුට හලාවත මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා.

හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජා ඊයේ මෙලෙස දඩුවම් නියම කළේ වෙන්නප්පුව - ලූනුවිල - බණ්ඩාරනායකපුර - ගාලවත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකුටයි.

2007 වර්ෂයේ මෙම ඝාතනය සිදුකර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා නිවස වෙත පැමිණීමෙන් පසු ඔහු යළි විවාහයක් ද සිදුකරගෙන තිබෙනවා.

එම විවාහයෙන් ද ඔහුට දරුවෙකු සිටින බව අනාවරණ වුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories