කොළොන්නාව - මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව අදත් ප්‍රදේශවාසීන් විරෝධය පළ කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් හටගත්තා.
මීතොටමුල්ල කුණු කන්දේ කුණු වැල්ලම්පිටිය - විමලාරාම විහාරස්ථානය ආසන්නයට ගලාඒමත් සමඟයි ප්‍රදේශවාසීන් අද උදෑසන මෙම විරෝධතාව ආරම්භ කළේ.
ඊට පෙර ප්‍රදේශවාසීන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ගොස් තත්ත්වය පිළිබඳව පැමිණිල්ලක්ද ගොනුකර තිබෙනවා.
අනතුරුව ප්‍රදේශවාසීන් කුණු කන්ද පිහිටි ස්ථානයට පැමිණි අතර, එහි නවතා තිබූ කොළඹ මහ නගර සභාවට අයත් බැකෝ යන්ත්‍ර දෙකක යතුරුද බලහත්කාරයෙන් තමන් භාරයට ගෙන තිබුණා.
විරෝධතාවට එක්ව සිටි ප්‍රදේශවාසීන් චෝදනා කළේ ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට බොරු පොරොන්දු ලබාදෙන බවයි.
ඔවුන් තම අසරණ භාවය සොයා බැලීමට නොපැමිණෙන බවටද ජනතාව චෝදනා කළා.
ප්‍රදේශවාසීන්ගේ විරෝධය සැළවීමත් සමඟ කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරන අංශයේ අධ්‍යක්‍ෂවරයා සහ කුණු කන්ද භාර ප්‍රධාන ඉංජිනේරුවරයා එම ස්ථානයට පැමිණියා.
එහිදී ප්‍රදේශවාසීන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ මීට පෙර ගිවිසගත් ආකාරයට කුණු කන්දේ කුණු වැල්ලම්පිටිය ප්‍රදේශය පුරා පැතිරීයාම වළක්වාලන ලෙසටයි. එමෙන්ම කුණුකන්ද අසලින් ගලා යන කාණුව වෙනත් ප්‍රදේශයකට හරවන ලෙසටද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
ඒ සඳහා ලිඛිත පොරොන්දුවක් ලබාදෙන ලෙසටද ප්‍රදේශවාසීන් ඉල්ලා සිටි අතර, එහිදී පැමිණ නිලධාරීන් කියා සිටියේ සති තුනක් ඇතුළත විසඳුමක් ලබාදෙන බවයි.

Latest News
බණ්ඩාරිගොඩ සහ රංජිත් අලුවිහාරේ තීරණයක් අරන්
Local
24 May 2025

කෙහෙල්බද්දර පද්මේගේ රුව යොදා පාස්පෝට් හැදූ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
24 May 2025

මස්ක්ගේ 'X' හදිසි බිඳවැටීමක්
Local
24 May 2025

මැයි මුල් දින 21ට විදෙස් සංචාරකයින් අනූ දහසක් දිවයිනට
Local
24 May 2025

අභාවප්‍රාප්ත නිළි රැජිණ, මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට (වීඩියෝ)
Local
24 May 2025

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු රොඩ්නි ගිබ්ස්
Local
24 May 2025

නිළි රැජිණ වෙනුවෙන් ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
24 May 2025

බිහිසුණු අනතුරකින් 7ක් රෝහලට (වීඩියෝ)
Local
24 May 2025

රුසියාවෙන් යුක්රේනයට තවත් ප්‍රහාරයක්
Local
24 May 2025

වෙළඳ ගිවිසුමක් ඇති කර ගන්න සූදානම් බව යුරෝපා සංගමය කියයි
Local
24 May 2025