වායු දූෂණයෙන් වසරකට ළමා මරණ හය ලක්ෂයක්

Monday, 31 October 2016 - 16:24

%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%84%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලොව සෑම ළමයින් 7 දෙනෙකුගෙන් එක් අයෙකුම වායු දූෂණයට මුහුණ දෙන අතර, දකුණු ආසියාවේ මෙම තත්ත්වය දරුණු ලෙස පවතින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එමගින් පෙන්වා දෙන්නේ වසරකදී වයස අවුරුදු 5ට අඩු ළමයින් හයලක්ෂයකගේ අකල් මරණවලට වායු දූෂණය හේතු වන බවයි.

කර්මාන්ත ශාලා, තාප විදුලි බලාගාර, ෆොසිල ඉන්ධන භාවිත කරන වාහන, දුවිල්ල මෙන්ම කසල ගිනි තැබීම මගින් ද වායුගෝලය දූෂණයට ලක්වනවා.

මිහිතලයේ උණුසුම සහ කාලගුණ වෙනස පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලොව රටවල් 200කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් නොවැම්බර් 7 වන දා සිට 18 වන දා දක්වා මොරොක්කෝවේ දී රැස්වීමට නියමිතයි.

යුනිසෙෆ් සංවිධානය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ වායු දූෂණය වැළැක්වීමේ පියවර කඩිනම් කරන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories