හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නිදහස් පක්ෂයේ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර අද පැවැති සාකච්ඡාව අසාර්ථක බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් කියා සිටියේ මෙහිදී එකඟතාවන්ට පැමිණීමට නොහැකි වුවත්, ඉදිරියටත් සාකච්ඡා සිදුකරගෙන යාමට දෙපාර්ශවයම එකඟතාවය පළ කළ බවයි.
නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් හතේ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ඉල්ලීමකට අනුව අද උදැසන මෙම සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාමේ පිහිටි නිළ නිවසේදියි.
මෙම සාකච්ඡාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක එක්ව සිටියා.
කෙසේ නමුත්, උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මෙම සාකච්ඡාව සඳහා පැමිණ සිටියේ නැහැ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ,මහින්ද යාපා අබේවර්ධන,ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සාකච්ඡාවට එක්වුණා.

Follow US
Most Viewed Stories