අහසේ ධූමකේතුවක් සඳ ආලෝකමත් කරයි

Saturday, 11 February 2017 - 13:26

%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%B0%E0%B7%96%E0%B6%B8%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3+%E0%B6%86%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නාසා ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මේ දිනවල අහසේ සුවිශේෂී තත්ත්වයන් කිහිපයක් නිරීක්ෂණය කර තිබෙනවා.

එහිදී ඔවුන් හඳුනාගෙන ඇත්තේ සුර්යග්‍රහණයක් සිදුවන අතරතුරදී ධූම කේතුවක් ද අහසේ දර්ශනය වීමයි.

විද්‍යාඥයින් නිරීක්ෂණය කළ ආකාරයට මෙම සුවිශේෂී සිදුවීම ඊයේ (10) අලුයම සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඔවුන් පෙන්වා දෙන්නේ සූර්යග්‍රහණය අවස්ථාවේදී පසෙක පිහිටි (45P/Honda-Mrkos-Pajdušáková) නම් දැම්පැහැති වල්ගයක් සහිත ධූමකේතුවකින් චන්ද්‍රයා හිම පැහැති ආලෝකයෙන් දීප්තිමත් වූ බවයි.

කෙසේ වෙතත් මෙම දර්ශනය අප්‍රිකාවට ඉහල අහසේ පමණක් දර්ශනය වූ බැවින් ලොව බොහෝ පිරිසකට මෙය දැකගැනීමට නොහැකි වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories