අගමැති සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡවක්

Thursday, 16 March 2017 - 8:07

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පර්යේෂණ සහ සංවර්ධන, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ආයෝජනයට දකුණු කොරියානු රජය කැමැත්තෙන් සිටින බව එරට විදේශ අමාත්‍ය යුන් බියුන්ග් සේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදියි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ මෙගාපොලිස් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට දකුණු කොරියානු රජය දැඩි කැමැත්තකින් පසුවන බවයි එරට විදේශ අමාත්‍ය යුන් බියුන්ග් සේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර ඇත්තේ.

දෙරටේ සහයෝගීතාව වර්ධනය කරමින් සංවර්ධනය සඳහා වන සහයෝගීතාව ඇමරිකානු ඩොලර් මිලියන 300 සිට 500 දක්වා ආධාර ඉහළ නැංවීමටත්, නියඟයෙන් පීඩා විඳින ජනතාවට ජල බවුසර ඇතුළු වෙනත් පහසුකම් සැපයීමටත් තම රජය ක්‍රියා කරන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories