දකුණට හෙට යළි වැසි - උතුරේ නියඟය ඔක්තෝම්බර් දක්වා

Tuesday, 06 June 2017 - 19:23

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F
උතුර පළාතට බලපා ඇති නියං තත්ත්වය තවත් මාස කිහිපයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එය අවසන්වීමට ප්‍රමාණවත් වැසි ඔක්තෝම්බර් හෝ නොවැම්බර් මාස වනතෙක් නොලැබෙනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ.

මේ අතර හෙට දිනයේ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

දිස්ත්‍රික්ක 7 කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද තවත් පැය 24 කින් දීර්ඝ කරනු ලැබුවා.

ඒ අනුව අද පස්වරු දෙකේ සිට ක්‍රියාත්මක වන පරිදි රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම බලාත්මක වනු ඇති.

මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ 95,557 දක්වා පහත බැස තිබෙනවා.

පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 213 දෙනෙකු මියගොස් තවත් 79 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories