අද මැදියම් රැයෙන් පසු සබරගමුව පවරා ගන්නා බව ආණ්ඩුකාරවරයා කියයි

Tuesday, 26 September 2017 - 18:56

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සබරගමුව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් පසු එහි පරිපාලන කටයුතු තමන් යටතට පැවරෙන බව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා ප්‍රකාශ කළා.

ඒ අනුව මැතිවරණය පවත්වා යළි පළාත් සභාව පිහිටුවන තුරු එහි පරිපාලන කටයුතු තමන් විසින් සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

 06 වන සබරගමුව පළාත් සභාව සඳහා ඡන්ද විමසීම පැවැත්වුණේ 2012 වසරේ සැප්තැම්බර් මස 8 වනදායි.

එහිදී ඡන්ද 488,714 ක් හිමිකරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 28 ක්  ලබා ගනිමින් පළාත් සභාවේ පාලන බලය හිමිකරගත්තා.

එහිදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 14 ක් සහ ලංකා කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ආසන 2 ක් හිමිවුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවල පළමු සැසිවාරය පැවැත්වූ දින සිට වසර 05 ක කාලයක් ගතවීමෙන් පසු ඒවායේ නිල කාලය අවසන් වනවා.

ඒ අනුව සබරගමු පළාත් සභාවේ අවසන් සැසිවාරය අද පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වුණේ එහි සභාපති කංචන ජයරත්නගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දක්වමින් පළාත් මහ ඇමති මහීපාල හේරත් ප්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තුව නියෝජනය කළ කාල පරිචේෙඡ්දයට වඩා සේවයක් පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දරමින් සිදුකළ බවයි.

මේ අතර 2012 වසරේ ඔක්තෝම්බර් මස 01 වනදා මංගල සැසිවාරය පැවැත්වූ නැගෙනහිර පළාත් සභාවේ සහ එම වසරේදීම ඔක්තෝම්බර් මස 02 වනදා මංගල සැසිවාරය පැවැත්වූ උතුරුමැද පළාත් සභාවේ නිල කාලය මේ වසරේ ඔක්තෝම්බර් මාසයෙන් අවසන් වනවා.

කෙසේ වෙතත් පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනතට පසුගියදා එක් කෙරුණු නව සංශෝධනයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ නව මැතිවරණ ක්‍රමයට අනුවයි.

ඒ අනුව සීමා නිර්ණ කටයුතු සිදුකිරීම සඳහා කල්ගතවන බැවින් පළාත් සභා මැතිවරණ පැවැත්වෙන දිනය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි සබරගමුව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories