Update: නාමල් රාජපක්ෂ පොලිසියට පැමිණෙයි

Monday, 09 October 2017 - 9:32

Update%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිසියට පැමිණ තිබෙනවා.



Update: Monday, October 9, 2017, 10:50am
.............................................................

හම්බන්තොට සිද්ධිය ගැන ප්‍රකාශයක් දෙන්න නාමල් පොලිසියට යයි

ඒකාබද්ධ විපක්ෂය පසුගිය සිකුරාදා හම්බන්තොට සංවිධාන කර තිබූ විරෝධතාව අතරතුර ඇතිවූ කළහය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද හම්බන්තොට පොලීසිය වෙත පැමිණීමට නියමිතයි.

පොලීසිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණවීර සහ ඞී.වී. චානකට හෙට දිනයේ හම්බන්තොට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණා.

කෙසේ වෙතත් හෙට තමන් නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බැවින් අද ප්‍රකාශය ලබාදීම සඳහා හම්බන්තොට පොලීසියට යෑමට අපේක්ෂා කරන  බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories