මාගම්පුර වරාය සේවකයන්ට සේවයට නොඑන්නැයි දැන්වු චක්‍රලේඛය අවලංගු කරන්නැයි කම්කරු ඇමතිගෙන් නියෝග

Thursday, 30 November 2017 - 17:42

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
හම්බන්තොට වරායේ සේවකයන්ට අද සිට සේවයට වාර්තා නොකරන ලෙසට දැනුම් දෙමින් මාගම්පුර වරාය කළමණාකරණ පෞද්ගලික සමාගම විසින් නිකුත් කළ චක්‍රලේඛය වහාම අවලංගු කරන ලෙසට අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියෝග කර තිබෙනවා.

අද සිට සේවයට නොපැමිණෙන ලෙසටයි අදාළ සමාගමේ සභාපතිවරයාගේ අත්සනින් යුක්තව චක්‍රලේඛය නිකුත් කර තිබුනේ.

එය අවලංගු කර සේවකයන්ට සුපුරුදු පරිදි සේවයට වාර්තා කිරීමට ඉඩ ලබාදෙන ලෙසට අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

ඔහු මෙම නියෝගය ලබාදී ඇත්තේ අද පස්වරුවේ වරාය පාලනාධිකාරිය සහ එහි සේවකයන් සමග කම්කරු අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීයි.

වරාය කළමණාකරණ පෞද්ගලික සමාගමේ සභාපති නිකුත් කළ චක්‍රලේඛය මගින් කම්කරු නීති උල්ලංඝණය කර ඇති බවයි අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මෙහිදී වරාය පාලනාධිකාරිය වෙත පෙන්වාදී ඇත්තේ.

මාගම්පුර වරායේ 438 දෙනෙකු සේවයේ නිරතවන අතර එම සේවක සේවිකාවන් හා පාලනාධිකාරිය අතර ඇතිවී ඇති ගැටලුව විසඳීම සඳහා අමාත්‍යවරයා විසින් නිලධාරියෙකු පත්කර තිබෙනවා.

එවැනි තත්වයක් තුල මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්පුර්ණයෙන් නීති විරෝධී මෙන්ම නීතිය හෑල්ලුවට ලක් කිරීමක් බවයි ඔහු පෙන්වාදී ඇත්තේ.

ආයතනයක අයිතිය වෙනස් වීමේදී නව අයිතිකරුවාට එම ආයතනය පැවරිය යුත්තේ සේවකයන් සමග වන අතර එසේ නොවන්නේ නම් ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදලක් ලබාදී ඔවුන්ගේ සේවය අවසන් කළ යුතු බවයි අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න අවධාරණය කළේ.

එම කුමන තීරණයකට එළඹුන ද එය සිදුවිය යුත්තේ ද කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම යටතේ සේවය අවසන් කිරීමේ පනතට අනුකුලව බව ද අමාත්‍යවරයා කියාසිටියා.

වරාය අධිකාරිය විසින් මාගම්පුර වරාය දෙසැම්බර් මස 9 වනදා සම්පුර්ණයෙන්ම චීන සමාගමට භාරදීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories