උතුරේ ලංගම සේවකයින් වර්ජනයක

Monday, 01 January 2018 - 10:49

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
වවුනියාව පැරණි බස් නැවතුම්පල වසා දැමීමට එරෙහිව උතුර පළාතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වර්ජනය සඳහා එම පළාතේ සියලුම ඩිපෝ සේවකයින් එක්ව සිටින බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රෝහණ චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ.

වවුනියාව පැරණි බස් නැවතුම්පල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථවලට ඇතුලුවීමට නොහැකිවන ලෙස වසා දමා ඇත්තේ වවුනියාව නගර සභාව විසින්.

මේ වනවිට බස් නැවතුම්පල වෙත පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා.

රුපියල් කෝටි 20 ක වියදමින් ඉදිකළ වවුනියාව නව බස් නැවතුම්පල වෙත ගමන් කිරීමට ශ්‍රී ලංගම සේවකයින් අකමැත්ත පළ කිරීම හේතුවෙන් අධිකරණ නියෝග මත පැරණි බස් නැවතුම්පල මෙලෙස වසා දමා ඇති බවයි වවුනියාව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

නව බස් නැවතුම්පල පසුගිය වසරේ ජනවාරි 17 වනදා විවෘත කළද ඊට පසුදා එය වසා දැමීමට සිදුවුණේ බස් නැවතුම්පල සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සේවකයින් සහ ලංගම සේවකයින් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන්.

පසුව ඒකාබද්ධ කාලසටහනකට අනුව එහි ධාවන කටයුතු සිදුකරන ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් බස් සේවකයින්ට දැනුම් දුන්නා.

පෞද්ගලික බස් රථ සේවකයින් ඊට කැමැත්ත පළ කළ නමුත් ලංගම සේවකයින් ඊට අකමැත්ත පළ කළා.

මෙවන් පසුබිමකයි වවුනියාව පැරණි බස් නැවතුම්පල වසා දැමීමට වවුනියාව නගර සභාව පියවර ගත්තේ.  









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories