ජනපති පොදුරද මඩුලූ ව්‍යාපාරික සමුළුව අමතයි

Wednesday, 18 April 2018 - 16:47

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
තිරසර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, ඒ සඳහා ව්‍යාපාරිකයන් ඇතුලූ සියලූදෙනාට තමන් ආරාධනා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුවට සමගාමීව ලන්ඩන් නුවරදී පැවැත්වු පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය ලන්ඩන් නුවරදී අද අමතමින්. 

සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහි කිරීමට පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එකගවී ඇති අතර එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව ක්‍රියාවට නංවා එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලු රටවල් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.

තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැංවීමේදී පොදු සහ පෞද්ගලික සහයෝගීතාවයේ වර්ධනය අතිශයින් වැදගත් බව ද ඔහු සඳහන් කළා.

සමාජයේ වගකීම් සහගත පිරිසක් ලෙස සිය ව්‍යාපාර කටයුතුවලදී තාක්ෂණික සහ මුල්‍යමය දායකත්වය තුලින් තිරසර සංවර්ධන ඉලක්ක ළගාකර ගැනීමට දායක වන ලෙසටයි
ජනාධිපතිවරයා මෙහිදී සියලු ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේ. 

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය සහ අනෙකුත් රටවල් සමග අත්වැල් බැඳ ගනිමින් සමාජයීය වගකීම සහ සියලුදෙනා ඇතුලත් කර ගන්නා සංවර්ධනයක් සපථ කිරීමට කැපවන ලෙසට ජනාධිපතිවරයා ඇරයුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, වේගවත් සහ යාවත්කාලීන කිරීම සඳහා තිරසර සංවර්ධනය පිළිබඳ විශේෂ අමාත්‍යංශයක් ද පිහිටුවා ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

නීල හරිත ආර්ථික වැඩපිළිවෙල ශ්‍රී ලංකාවේ සමුද්‍රිය සහ අනෙක් ස්වභාවික සම්පත්වල සම්පුර්ණ උපයෝගීතාව සහ පරිසර හිතකාමී සහ තිරසර භාවිතයෙන් යුතුව සනාථ කරනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලා.

එමෙන්ම මෙම ආර්ථික උපක්‍රම හරහා වූ යහපත් ක්‍රමවේද ආමන්ත්‍රණය කිරීමේ පරමාදර්ශී රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය සිදු කරමින් වැඩිදුරටත් කියාසිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories