අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සදහා පොලීසිය අද ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
2016 සහ 2017 අධ්‍යයන වර්ෂය සදහා බෞද්ධ දර්ශනය විෂයට සිසුන් බදවා ගැනීම නතර කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව පවසමිනුයි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඇතුළු සිසුන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම්භ කළේ.
ඒ හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක් ද හට ගත්තා.
පසුව ඔවුන් පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලට පැමිණි අතර, එහිදී භික්ෂුන් වහන්සේලා සහ සිසුන් බලහත්කාරයෙන් ඊට ඇතුළු වීමට උත්සාහ දැරුවා.
එම අවස්ථාවේදීයි පොලීසිය ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ.
එහිදී පොලිසිය සහ සිසුන් අතර උණුසුම්කාරි තත්ත්වයක්ද හට ගත්තා.
මේ අතර, පොලීසිය සදහන් කළේ විරෝධතාවය අතරතුරදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක ඇතුළු සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Follow US