රාහුල් සහ මෝදිගෙන් ඡන්ද පොරොන්දු

Tuesday, 29 January 2019 - 8:08

%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94
මේ ඉන්දියාවේ මැතිවරණ වසරයි.

මේ නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මැතිවරණය ඉලක්ක කර ගත් ප්‍රචාරක ව්‍යාපාර මේ වන විටත් නිළ නොවන මට්ටමින් ආරම්භ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව කොංග්‍රස් පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙය වන්නේ එහි නව සභාපති රාහුල් ගාන්ධි විසින්.

උතුරු ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තයේ රායිපූර් අගනුවර ඊයේ පැවති රැළියකදී ඔහු සුවිශේෂී පොරොන්දුවක් ලබාදුන්නා.

ඒ, සෑම ඉන්දියානු පවුලකටම අවම මාසික ආදායමක් සහතික කිරීමයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට සමාන මෙමගින් ඉන්දියාව පුරා දුප්පත් පවුල්වල ආර්ථික සුරක්ෂිතතාව ඇති කළ හැකි බව රාහුල් ගාන්ධි කියා සිටියා.

මේ අතර, පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණය වෙනුවෙන් සංවර්ධන කටයුතු මදකට පසෙක දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විශේෂයෙන් නාගරික මධ්‍යම පන්තිය ඉලක්ක කර ගනිමින්  සහන රැසක් ලබාදීමට ඔහු සූදානම් වන බව සඳහන්.

ඔවුන් සහ කුඩා ව්‍යාපාර සඳහා බදු සහන ලබාදීමටත්, රැකියා විරහිත තරුණයන් සහ ගොවීන්ට සහන ලබාදීමටත් මෝදි රජය මීළඟ අයවැයෙන් ඉන්දීය රුපියල් ටි‍්‍රලියනයක් පමණ වෙන් කිරීමට කටයුතු කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories