කොළඹ ස්ථාන 3 සරසවි සිසු විරෝධතා - යූ.ජී.සී. ය ඉදිරිපිටදී අන්තරේට ජල සහ කඳුළු ගෑස්

Tuesday, 19 March 2019 - 19:16

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+3+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+-+%E0%B6%BA%E0%B7%96.%E0%B6%A2%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ස්ථාන 3 කදී සරසවි සිසුන් අද විරෝධතා සංවිධාන කර තිබුණා.

මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එක්ව සංවිධාන කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.

සබරගමුව සරසවියේ බඳවාගැනීම් කප්පාදුවට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාව කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ කළේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදි පොලීසිය සහ සිසුන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර, ඉන් අනතුරුවයි ඔවුන් විසුරුවා හැරීම සඳහා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ.

මේ අතර රජය විසින් අහෝසි කරනු ලැබූ මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්වී ඇති බව පවසමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ද අද විරෝධතා පා ගමනක නිරතවුණා.

කොළඹ වෛද්‍ය පීඨය අසළ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි ඔවුන්, එහිදී විරෝධතාවක නිරතවුණා.  

මේ අතර රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අයත් විශ්වවිද්‍යාල විද්‍යායතනවල සිසුන් පිරිසක්ද ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නාරාහේන්පිට පිහිටි නිපුණතා පියස ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories