General30 March 2020

ලංකාවේ දෙවන කොරෝනා මරණයත් වාර්තාවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මීගමුව මහරෝහලේදී පුද්ගලයෙකු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම රෝහලේ අධ්‍යක්ෂවරිය කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.

ඔහු පසුගිය දා පෞද්ගලික රෝහලක සිට මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 2 දක්වා ඉහළ යනවා. 

Related recommendation
Hiru TV News | Programmes