General15 June 2020

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ, දියණිය මියගිය පාමංකඩ සිදුවූ මාරක රිය අනතුර (වීඩියෝ සහ ඡායාරූප)

පාමංකඩ ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (14) සිදුවූ අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.

මෙම අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

පාමංකඩ, ඊශ්වරී මාර්ගය අසල මෙම අනතුර සිදුව ඇති අතර වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් සහ ස්පෝට්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් මෙලෙස අනතුර ලක්ව තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැගන් ආර් රථයේ ගමන් ගත් කාන්තාවක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එම රථයේ රියදුරු ලෙස කටයුතුකළ මියගිය කාන්තාවගේ සැමියා බරපතල තත්ත්වයේ පසුව මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණියයි.

ස්පෝට්ස් වර්ගයේ මෝටර් රථය පැදවූ තැනැත්තා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.







Related recommendation
Hiru TV News | Programmes