International01 October 2020

ඉන්දීය මත් ජාවාරම පිටුපස දීපිකා පදුකෝන් - ශාරුක්, රන්බීර්, රාම්පාල් සහ මොරියා ගැනත් සැක

බොලිවුඩයේ සුපිරි නිලි දීපිකා පදුකෝන් සමග සමීප සබදතා පැවැත්වූ නළුවන් තිදෙනෙකු විසින් බොලිවුඞ් මත් වසංගතය මෙහෙයවා ඇති බවට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

දීපිකා පදුකෝන් සහ සබඳතා පැවැත්වූ නළුවන් තිදෙනාගේ නම් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කර නොමැති අතර ඔවුන්ගේ නම් එස්, ආර් සහ ඒ යන අකුරු වලින් ආරම්භ වන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ඒ අනුව ඇතැම් ඉන්දීය වාර්තාවල දැක්වුණේ ෂාරුක් ඛාන්, රන්බීර් කපූර් සහ අර්ජුන් රාම්පාල් මෙන්ම ඩිනෝ මොරියා මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි.

මේ වනවිට අත්අඩංගුවේ පසුවන සියලු‍ දෙනාගේ ජංගම දුරකථන හරහා හුවමාරු වී ඇති පණිවුඩ තුලින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවන් සොයාගෙන ඇති බවත්, වට්ස්ඇප් හරහා එය මෙහෙයවා ඇති ප්‍රධානියා දීපිකා පදුකෝන් ලෙසත් හෙළිවී තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes