General24 November 2020

සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉහළ නැංවීමක් නැහැ (වීඩියෝ)



රජය විසින් සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉහළ නංවා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සනීපාරක්ෂක තුවා සදහා සියයට 15ක බද්දක් පනවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ප්‍රකාශ කිරීම හේතුවෙන්.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් අද කාරක සභා අවස්ථාවේදී විවාදයට ලක්වූ අතර, ඒවා සංශෝධන සහිතව සම්මත වුණා.
Related recommendation
Hiru TV News | Programmes