යුක්රේන සංචාරකයින් කණ්ඩායමක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට (ඡායාරූප)

Monday, 11 January 2021 - 15:42

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යුක්රේන සංචාරකයින් කණ්ඩායමක් අද ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වූවා.

ඒ රජයේ නිරෝධායන නීතිරීති වලට අනුව හා දැඩි පරීක්ෂාවකින් අනතුරුවයි.

ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ සංචාරය කිරීම සදහා එම කණ්ඩායමට අවස්ථාව හිමි වීමත් සමඟ ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙම සංචාරක පිරිස් හට වෙනම ස්ථානයකින් පරිශ්‍රයට ප්‍රවේශ වීමට පහසුකම් සළසා දී තිබෙනවා.

එමඟින් දේශීය බැතිමතුන්ට සිය වන්දනාමාන කටයුතු සාමාන්‍ය ලෙස සිදුකර ගැනීමටද අවස්ථාව උදාවූවා.

විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කරමින්, පැමිණි සියළුම සංචාරකයින්ගේ අනන්‍යතාවය තහවුරු කර ගනිමින්, කටයුත්ත සිදුකෙරුණු බවයි දළඳා මාලිගාවේ මාධ්‍ය ඒකකය පවසන්නේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories