පාර්ලිමේන්තුවේ PCR වලින් ආසාදිතයින් 09ක් හඳුනාගනී (වීඩියෝ)

Sunday, 17 January 2021 - 17:20

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+PCR+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+09%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් පස්දෙනෙකු ඇතුළු 09 දෙනෙකු කොරෝනා ආසාදිත බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

එහි සන්නිවේදන අංශය නිවේදනය කළේ ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු සහ පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂිත කලාපයේ ආරක්ෂක කටයුතුවලට අනුයුක්ත තුන්දෙනෙකුද මෙම ආසාදිතයන් අතර වන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ උපදෙස් මත පසුගිය 13 වනදා සහ 15වනදා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළා.

එහිදී මන්ත්‍රීවරුන් 32 කු, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, අනෙකුත් කාර්යාංශ සහ අනුබද්ධිත කාර්යාංශ සහ ආරක්ෂක අංශවලට අයත් 943 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර තිබුණා.

කෙසේ වෙතත් ඉන් මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාදිත නොවන බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ.

මෙම තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ කිසිදු කාර්යාලයක් මේ වනවිට වසා දමා නොමැති අතර, අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විෂබීජහරණයට ලක් කර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

මේ අතර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී, කොරෝනා ආසාදනය වූ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ පෞද්ගලික ලේකම්ට හෝ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිසිවෙකුට වෛසරය වැළඳී නොමැති බවට අනාවරණ වී ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව අමාත්‍ය කාර්ය මණ්ඩලයේ වැඩකටයුතු සෞඛ්‍ය උපදෙස් මත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories