ඉන්දියාවේ කොවිඩ් එන්නත් ලක්ෂ 06ක් 27 වනදා මෙරටට (වීඩියෝ)

Saturday, 23 January 2021 - 11:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+06%E0%B6%9A%E0%B7%8A+27+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්දීය කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබන බදාදා මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කළුතර - වළල්ලාවිට ප්‍රදේශයේ පැවති "ගම සමඟ පිළිසදරක්" වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමින්.

එන්නත ලැබුණු පසු ඊට පසු දිනම එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසි විටක විකිණීමක් හෝ බදුදීමක් සිදු නොකරන බවයි ජනාධිපතිවරයා යළි අවධාරණය කළේ.