නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඇල්ල සිට නුවරඑළිය බලා පැමිණි ත්‍රී රෝද රථයක් නැවත ඇල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ඉදිරියෙන් ගමන් කළ පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර් රථයක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා එය ත්‍රී රෝද රථය මතට පෙරලී ඇති බවටයි නුවරඑළිය පොලිසිය පවසන්නේ.
අනතුරින් ත්‍රී රෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් ඇති අතර ත්‍රී රෝද රථය පැදවූ පුද්ගලයා බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මියගිය අය අවුරුදු 51, 52 සහ 20 යන වයස්වල පසුවන්නන්.
Follow US
Most Viewed Stories