මාධ්‍යවේදියා පැහැර ගැනීම බෙලරූස් ජනපති සාධාරණීකරණය කරයි

Thursday, 27 May 2021 - 14:04

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B6%BB%E0%B7%96%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රයන් එයාර් ගුවන් යානයක් බලහත්කාරයෙන් සිය රටේ ගුවන්තොටුපලකට බස්සවා ආණ්ඩුව විවේචනය කළ මාධ්‍යවේදියෙකු පැහැර ගැනීම සාධාරණීකරණය කිරීමට බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකචෙන්කෝ ඊයේ උත්සාහයක නිරත වුණා.

එරට පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ විවේචකයන් තම රටට එරෙහි දෙමුහුන් යුද්ධයක් දියත් කරමින් සිටින බවයි.

ග්‍රීසියේ සිට ලිතුවේනියාව බලා ගමන් ගත් ගුවන් යානයක බෝම්බයක් ඇති බව පවසා බෙලරූස් රාජ්‍යය වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව 26 හැවිරිදි රෝමන් පොටසෙවිච් නමැති මාධ්‍යවේදියා සහ ඔහුගේ 23 හැවිරිදි රුසියානු පෙම්වතිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙය ගුවන් යානා කොල්ලයක් සහ නීතිවිරෝධී පැහැර ගැනීමක් ලෙස හැඳින්වූ යුරෝපා සංගමය බෙලරූස් රාජ්‍යයට එරෙහිව ගුවන් තහනමක් ද ප්‍රකාශයට පත් කළා.

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා සහ ඔහුගේ පෙම්වතිය පාපොච්චාරණයක් සිදුකළ බවට වීඩියේ පටයක් නිකුත් කර ඇති නමුත් ඔවුන්ගේ දෙමාපියන් පවසන්නේ මෙය බෙලරූස් බලධාරින්ගේ පීඩනය මත සිදුකළ ප්‍රකාශයක් බවයි.  

ත්‍රස්තවාදී චෝදනා මත රඳවාගෙන සිටින මාධ්‍යවේදි රෝමන් පොටසෙවිච් ට මරණ දඬුවම පැනවීමේ අවදානමක් පවතින බව ඔහුගේ පියා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories