General10 August 2021

ඉන්දියාවේ සිංහ ගහනය ඉහළට

මිහිතලයෙන් තුරන් වීමේ තර්ජනයට ලක් ව සිටින සත්ත්වයෙකු ලෙස ජාත්‍යන්තර සංරක්ෂණ සංගමයේ රතු ලැයිස්තුවට ඇතුළත් ලොව සිංහ ගහනය අඩුවෙමින් පැවතුන ද, ඉන්දියාවේ ආසියානු සිංහ ගහනය ක්‍රමයෙන් වර්ධනය වීමක් පෙන්නුම් කරනවා.

විශේෂයෙන් ඉන්දු ගංගා නිම්නයේ පිහිටි ගුජරාට් සහ බිහාර් ප්‍රාන්තවල වනාන්තරගත සිංහ ගහනය පසුගිය වසර ගණනාව තුළ ඉහළ ගොස් ඇති බවට යි සංරක්ෂකයන් පෙන්වා දෙන්නේ.

ආසියානු සිංහයන් රැක ගැනීම සඳහා ඉන්දියාවේ සුරෂ්ත්‍රා නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසයි එරට සිංහ ගහනය ඉහළ ගොස් ඇත්තේ.

අද ලෝක සිංහ දිනයයි.

සිංහයන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙන ලෝක සිංහ දිනය නිමිත්තෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ සිංහ රක්ෂණය සඳහා ක්‍රියාත්මක වැඩපිලිවෙල ප්‍රසාදයට ලක් කළා.
Related recommendation
Hiru TV News | Programmes