General11 August 2021

කොරෝනා මෘත දේහ භූමදාන කිරීමට අම්පාර දිස්ත්‍රික්කයේ නව භූමියක් ගැන අවධානය (වීඩියෝ)

කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අක්කර 3ක වපසරියකින් යුතු එම භූමියේ කොරෝනා මෘත දේහ 2000කට වැඩි සංඛ්‍යාවක් භූමදානය කිරීමේ හැකියාව පවතින බවයි.

අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එම භූමිය මෘතදේහ භූමදාන කිරීමට සුදුසු ස්ථානයක් බවට දන්වා ඇති අතර, ඒ සඳහා තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලබා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

මේ වනවිට කොරෝනා මෘත දේහ භූමදාන කරනු ලබන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් පවතින අතර, තවත් මෘත දේහ 500 කට ආසන්න ප්‍රමාණයක් සඳහා එහි ඉඩකඩ ඉතිරි ව පවතින බවයි සඳහන් වන්නේ.  



Related recommendation
Hiru TV News | Programmes