General21 August 2021

ඖෂධ රැසක මිල ඉහළට

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල සියයට 9 කින් පමණ ඉහළ යන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

පෙරේදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ඖෂධ 60 කට සහ අක්ෂි කාච 27 කට මෙන්ම වෛද්‍ය උපකරණ 2 කට උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.

ඒ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය, වේදනානාශක ඇතුලු රෝග රැසකට මෙන්ම කොරෝනා ආසාදිතයන්ට ලබාදෙන ඖෂධ කිහිපයකද මිල ඉහළ යන බවයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes