යුද හමුදා නිලධාරීන් රැගෙන ගිය බස් රථයක් අනතුරක (ඡායාරූප)

Saturday, 02 October 2021 - 18:18

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යුද හමුදා නිලධාරීන් පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරට ලක්වීමෙන් යුද හමුදා නිලධාරීන් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වව්නියාව බූඔය මාර්ග බාධකය අසලදීයි අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් කළ හමුදා සාමාජිකයන් හතරදෙනෙක්.

ඔවුන් ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කර ඇත්තේ අනුරාධපුරය දෙස සිට කිලිනොච්චියේ හමුදා කඳවුරකට සෙබලුන් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

ප්‍රදේශයේ පවතින වර්ෂාපතනයත් සමග බස් රථය මාර්ග  බාධකය අසල තිබූ ලොරියක ගැටීමෙන් අනතුරට ලක්වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories