General24 October 2021

ප්‍රවීණ රංගන ශිල්පිණී විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සිනමා නිළි විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය, 65 වන වියේ පසුවුණා.

සිංහල සිනමාවේ උසම නිළිය ලෙස විරුදාවලිය ලත් විශාකා සිරිවර්ධන 1981 වසරේ රිදී තිරයට පිවිසුණේ සාරංගා චිත්‍රපටයෙන්.

ඉන් අනතුරුව සනසන්න මා, අනුරාධා, යහළු යෙහෙළි, සසර චේතනා, සුරදූතියෝ, සත්‍යග්‍රහණය, යසෝමා, සත්‍යදේවි, ඇහැලේපොල කුමාරිහාමි, සේයා ඇතුලු චිත්‍රපට රැසක රඟපෑ ඇය, 1985 වසරේ නැගී එන නිළිය ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවා.

1986 වසරේ විශාකා සිරිවර්ධනට හොඳම රඟපෑම වෙනුවෙන් ඕ.සී.අයි.සී. සිනමා සම්මානය හිමිවූයේ සුරදූතියෝ චිත්‍රපටයේ රංගනයෙන් දැක්වූ දස්කම් හේතුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes