General28 October 2021

විදුලි වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

ලබන නොවැම්බර් 3 වැනිදායින් පසු මුළු රටම අඳුරට පත් කරමින් දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරනවා.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, යුගදනවි බලාගාරයේ කොටසක් ඇමරිකානු සමාගමකට ලබා දීම සඳහා අත්සන් කළ බව කියන ගිවිසුම ඉල්ලා අස් කරගන්නා ලෙස රජයට බල කරමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ලබන මස 3 වැනි දා දිවයින පුරා සියලු විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවයක නිරත වීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම හෙට මධ්‍යහ්න 12 ට දිවයිනම ආවරණය වන පරිදි විදුලිබල මණ්ඩල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල 19ක් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව හෙට කුලියාපිටිය, කුරුණෑගල, අනුරාධපුර, තංගල්ල, ගාල්ල, රත්නපුර, බදුල්ල, ත්‍රීකුණාමලය සහ කිරිබත්ගොඩ ඇතුලු ප්‍රදේශ 19 කදී එම විරෝධතා පැවැත්වෙනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes