General06 December 2021

ප්‍රියන්ත කුමාර ගේ මරණය සම්බන්ධයෙන් පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අමුතු කතාවක්

පාකිස්තානයේ සියල්කොට් හි දී ප්‍රචණ්ඩකාරී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද ශ්‍රී ලංකා කළමනාකරු ප්‍රියන්ත කුමාර ඝාතනය පාකිස්තාන රක්ෂක අමාත්‍යවරයා විසින් සාධාරණීකරණය කර තිබෙනවා.

එරට ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක් කියා සිටියේ, තරුණ ළමයින් කරන එවැනි දේවල් නරක යැයි පැවසිය නොහැකි බවයි.

පාකිස්තාන් ඩේලි වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන හම්සා අසාර් සලාම් ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම ට්විටර් පණිවිඩයට අනුව ආරක්ෂක අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තවත් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.
Related recommendation
Hiru TV News | Programmes