2021 වසරේ මිනිසා - ඊලොන් මස්ක්

Tuesday, 14 December 2021 - 8:25

2021+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+-+%E0%B6%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A
ටයිම්ස් සඟරාව 2021 වසරේ ලොව වඩාත් ම බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයා ලෙස ටෙස්ලා තාක්ෂණ සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් නම් කර තිබෙනවා.

ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් අභිබවා ලොව ධනවත් ම මිනිසා බවට පත් වූ ඊලොන් මස්ක් ඔහුගේ ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමෙන් ඔබ්බට ගොස් අභ්‍යාවකාශය ජය ගැනීමට ස්පේස් එක්ස් රොකට් නිර්මාණය කරමින් සිටිනවා.

මස්ක්ගේ ස්පේස් එක්ස් යානයකින් වෘත්තීමය ගගනගාමීන් නොැ මැති ව අභාවකාශ සංචාරකයන් උඩු ගුවනට යැවීම ද ගත වූ වසරේ දී ලෝකවාසීන්ට අත්දැකීමට හැකි වුණා.

දකුණු අප්‍රිකාවේ උපත ලද දැන් 50 වැනි වියේ පසුවන ඔලොස් මස්ක්ගේ වත්කම් ඩොලර් බිලියන 250 ඉක්මවන බව සදහන්.

1927 වසරේ සිට ටයිම්ස් සගරාව මෙලෙස වසරේ මිනිසා නම් කරන අතර, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ උපජනාධිපතිනී කමලා හැරිස්  පසුගිය වසරේ ලොව වඩාත් ම බලපෑම් ඇති කළ පුද්ගලයින් ලෙස නම් කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories