මහනුවර ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ ජනපති නිරීක්ෂණයට (ඡායාරූප සහ වීඩියෝ))

Thursday, 06 January 2022 - 16:18

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B7%84%E0%B7%90%E0%B7%85%E0%B7%9A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29%29
වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස  පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේයි සංවර්ධනය කෙරුණේ.

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙසටයි අද පස්වරුවේ එම එහි ගිය ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

දියවඩන නිලමේ නිලංග දෑල ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමයට සහ මල්වතු විහාරයට පැමිණ අනුනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව පැමිණියේ මල්වතු මහා විහාරය වෙතයි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපතිවරයා ජනතා අපේක්ෂාවන් ඉටු කරනු ඇති බවට මහා සංඝ රත්නය විශ්වාසය පළ කරන බව එහිදී අනුනාහිමියන් පවසා තිබෙනවා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද නිරත වුණා.

අනතුරුව ජනාධිපතිවරයා ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories