General16 February 2022

මතුගම දී තිදරු මවක් වෙඩි තබා ඝාතනය කෙරෙයි (වීඩියෝ)

මතුගම - බාලිකා පාර ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් තිදරු මවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඇය සිටි නිවසට පැමිණ ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ 38 හැවිරිදි කාන්තාවක්.

ඇය සිය සැමියා සහ දරුවන් සමඟ සිටිය දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එක් වරම නිවසට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේ දී සැමියා සහ දරුවන් කාමරයකට ගොස් දිවි බේරාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ඇයගේ ස්වාමි පුරුෂයා ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට යි දැනට සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු 6ක් ද සොයාගෙන තිබුණා.

පාතාල සාමාජිකයෙකු වූ මතුගම ශාන් නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් එය කොන්ත්‍රාත්තුවක් මත කළේ ද යන්න පිළිබදව පොලීසිය දැනට සැක පළ කරනවා.



Related recommendation
Hiru TV News | Programmes