සහල් කන්ටේනරයක් නවතා තිබූ බස් රියක ගැටී පෙරළෙයි (ඡායාරූප)

Thursday, 17 February 2022 - 10:04

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මහනුවර මාතලේ මාර්ගයේ ගමන් කරමින් තිබූ සහල් පටවා ගත් කන්ටේනර් රථයක් , අලවතුගොඩ බලකඩුව ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ නවතා තිබූ බස් රථයක ගැටී මාර්ගය මැද පෙරළී ගොස් අනතුරක් සිදු ව තිබෙනවා.

අද (17) වැනි දා උදේ හය යි තිහට පමණ විශාල ශබ්දයක් නඟමින් මෙම අනතුර සිදු වූ බව යි ප්‍රදේශවාසින් පවසන්නේ.

මෙම කන්ටේනර් රථය ගැටීම හේතුවෙන් නවතා තිබූ බස් රථයට දැඩි හානි සිදු ව ඇති අතර, කන්ටේනර් රථයේ රියදුරු ද තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වනවා.

මෙම අනතුර හේතුවෙන් මහනුවර මාතලේ මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories