විනාඩි 45ක විදුලි කප්පාදුවක් (වීඩියෝ)

Friday, 18 February 2022 - 14:42

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%92+45%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
​අද වාර දෙකකදී කාන්ඩ 4ක් යටතේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දුන්නා.

කෙසේ වෙතත් ඉදිරි මාස තුනක කාලයක් තුළ විදුලිය නොකපන බවට එම කොමිසමේ සභාපතිවරයා විසින්ම සහතික කළේ මීට දින කිහිපයකට පෙරයි.

නමුත් අද දහවල් 2.30 සිට සවස 6.30 දක්වා පැයක කාලයක් පළමු අදියරේදී දිවයින පුරා විදුලිය කප්පාදු කෙරුණා.

දෙවැනි අදියර යටතේ මේ මොහොතේ සිට රාත්‍රී 10.30 දක්වා විනාඩි 45ක් යළිත් වරක් මුලු දිවයිනටම විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන නොමැතිව බලාගාර 8ක් මේ වනවිට අක්‍රීයව පවතිනවා.

ඒ මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර ද්විත්වයල සහ සපුගස්කන්ද බලාගාර සංකීර්ණයේ බලාගාර ද්විත්වයයි.

මීට අමතරව කෙරවලපිටිය වෙස්ට්කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ඉන්ධන ප්‍රමාණවත්ව තිබුණේ අද රාත්‍රී 7 දක්වා පමණයි.

මෙවන් පසුබිමක අද රාත්‍රියේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2650ක මට්ටමකට පැමිණෙනු ඇතැයි විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන අතර බලාගාර අක්‍රීයව ඇති නිසා එම විදුලි ඉල්ලුම සැපිරීමේදී ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 732ක්.

ඒ අනුවයි දිවයින පුරා විදුලිය විසන්ධි කිරීම අද දහවල් සිට ආරම්භ කෙරුණේ.

මේ අතර ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන මිල සංශෝධනය කිරීමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් මතුවුණේ ලංකා අයි. ඕ. සී. සමාගම පසුගියදා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟයි.

එහෙත් ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකරන බවයි බලශක්ති අමාත්‍යංශය දිගින් දිගටම සඳහන් කළේ.

කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව ලබන අලාභය ඉහළ යාමත් සමඟ එය තවදුරටත් දරාගත නොහැකි බැවින් කඩිනම් මිල ඉහළ නැංවීමක් ඉල්ලා මේ වනවිට බලශක්ති අමාත්‍යවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ තෙල් සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට අනුව ඉන්ධන මිල ඉහළ දැමුවහොත් ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල බවට එය පත්වනු ඇති බවයි.

මෙවන් පසුබිමක තවදුරටත් ඇතැම් ප්‍රදේශවල සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන අවසන් වී ඇති බවට සඳහන් පුවරු දැකගත හැකිවුණා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීමට බලශක්ති අමාත්‍යවරයාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි තමා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව බලශක්ති අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළත් මෙතෙක් එවැනි ඉල්ලීමක් ලැබී නොමැති බවයි මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories