මිල්කෝ නිරීක්ෂණය කළ ජනපති - ගොවීන්ටත් සහනයක් (ඡායාරූප සහ වීඩියෝ)

Friday, 25 February 2022 - 13:08

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (25) රජයට අයත් මිල්කෝ සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

පෙරවරු 11 ට පමණ නාරාහේන්පිට පිහිටි එම සමාගමට පැමිණි ජනාධිපතිවරයා දහවල් වනතුරුම එම පරිශ්‍රයේ රැඳී සිටි බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

මිල්කෝ සමාගම යටතේ නිෂ්පාදනය කරන හයිලන්ඩ් සන්නාමයේ කිරි, යෝගට් සහ අයිස්ක්‍රීම් ඇතුලු නිෂ්පාදන සකසන ආකාරය සහ එහි යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා නිරීක්ෂණයට ලක් කළා.

එමෙන්ම අක්‍රීයව පවතින යන්ත්‍ර සූත්‍ර පිළිබඳව ද එහි සේවකයන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයා විසින් ගොවීන්ගෙන් දියර කිරි ලීටරයක් රුපියල් 100කට මිල දී ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවයි රාජ්‍ය ඇමති ඩී.බී.හේරත් කියා සිටියේ.

මේ අතර ජනාධිපතිවරයා ඊයේ (24) දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ හදිසි නිරීක්ෂණයකට ද එක්වුණා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories