මාළු ලොරියක් පෙරළීමෙන් අධිවේගයේ වාහන ධාවනයට බාධා (ඡායාරූප)

Friday, 25 February 2022 - 14:12

%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාළු තොගයක්  පටවා ගෙන යමින් සිටි ලොරියක් ඊයේ (24) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 15 බණ්ඩාරගම ප්‍රදේශයේ දී අනතුරකට ලක් වී තිබෙනවා.

එම අනතුරෙන් ලොරිය පෙරළී මාර්ගය පුරා මාළු විසිරි වාහන ධාවනයට ද තරමක බාධාවක් ඇති වූ බව අධිවේගී රථ වාහන පොලිසිය වාර්තා කරනවා.

ඒ හේතුවෙන් එක් මංතීරුවක මීටර් කීපයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව යි පොලිසිය සඳහන් කළේ.

කෙරවලපිටිය සිට මාළු රැගෙන පයාගලට ධාවනය වෙමින් තිබූ ලොරියේ පිටුපස රෝදයක් පිපිරීම හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් තොර වූ ලොරි රථය මාර්ගයේ වටයක් පෙරළි වම්පසට ඇදීගොස් මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ රියදුරුට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් එම ස්ථානයේ දී ම ප්‍රතිකාර කර ඇති අතර, අනතුරින් ලොරි රථයට සහ අධිවේගී ආරක්ෂිත වැටට අලාභානි සිදු වී ඇති බව සඳහන්.

අධිවේගී රථවාහන කොට්ඨාස‍යේ ගැලණිගම පොලිසියේ නිලධාරින් විසින් වැසිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories