General25 February 2022

IOC ඉන්ධන මිල යළි ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සිය ඉන්ධන් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගවල ඩීසල් මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 15කින්.

එමෙන්ම පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 20කින් ඉහළ නැංවීමටයි IOC සමාගම පියවර ගෙන ඇත්තේ.

නව මිල ගණන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක්.

IOC සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල ​​රුපියල් 139ක් වනු ඇති.

ලංකා IOC සමාගම පසුගිය 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes