වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත් (වීඩියෝ)

Sunday, 10 April 2022 - 19:01

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
රටේ පවතින අර්බුදකාරී තත්වයට විසඳුම් ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේ උදෑසන සිට විරෝධතාකරුවන් එහි රැදී සිටින්නේ ඇද හැලුණු මහ වැසිද නොතකමින්.

තවදුරටත් එම ප්‍රදේශය අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

එමෙන්ම කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට එක්ව සිටි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් අද පවත්වනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටියේ වත්මන් රජය බලයෙන් පහ කිරීම අනිවාර්ය කරුණක් වුවද ඊට පෙර ඔවුන් ලවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර ගැනීමට බලපෑම් කිරීම වැදගත් බවයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ අද අනුරාධපුර සතොස වෙළෙඳසැල අසළ සිට අනුරාධපුර බස් නැවතුම්පළ දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවයක නිරත වුණා.

ගාල්ල ශාන්ත මරියා දේවස්ථානයේ ද අද විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

එමෙන්ම රටේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය කඩිනමින් විසදෙන ලෙසට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක කතෝලික ජනතාව පා ගමන් සහ නිහඩ විරෝධතා සංවිධාන කර තිබෙනු දක්නට ලැබුණා.

එසේම, කටුවාපිටිය දේවස්ථානයේ සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා විරෝධතා පා ගමනෙන් අනතුරුව ඊයේ පැවති දේව මෙහෙයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය පිටුපස ඉස්ලාම් අන්තවාදයට අමතරව වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වූ බව මේ වනවිට සනාථවෙමින් පවතින බවයි.

රට තුළ පැවැත්වෙන විරෝධතාවලට අමතරව විදෙස් රටවල්වල වෙසෙන ශ්‍රී ලංකිකයන් ද විරෝධතා සංවිධානය කර තිබුණා.

පසුගියදා ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර පැවති විරෝධතාවකට එක් වූ මෙරට ගායිකා සංජීවනී වීරසිංහට ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධය පල කර තිබෙනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories