කැකිරාවේ රෝහල්වල වෛද්‍යවරු ඇතුළු කාර්‍ය මණ්ඩලය විරෝධතාවක (ඡායාරූප)

Monday, 11 April 2022 - 15:23

%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රෝහල්වල පවතින ඖෂධ හිඟයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් කැකිරාව අවට රජයේ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලවල වෛද්‍යවරුන්, හෙදියන් හා සෙසු සෞඛ්‍ය නිලධාරින් විසින් විරෝධතාවක් ආරම්භ කරනු ලැබ තිබෙනවා.

ඒ අද (11) වැනිදා යි.

කැකිරාව රෝහල අසලට එක් වූ විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් හා විරෝධතා පුවරු රැගෙන සාමකාමී ලෙසිනු යි විරෝධතාව පවත්වා ඇත්තේ.

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය පිළිබඳ කඩිනම් විසඳුම් ලබා දී රෝගී ජීවිත ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් යෝජනා කරන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් මෙහි දී ඉල්ලීම් කර ඇති බව වාර්තා වනවා.

උද්ඝෝෂණය පැවති අවස්ථාවේ නගර ආරක්ෂාව සඳහා කැකිරාව පොලිස් ස්ථානය කටයුතු කළ බවත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories