ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා (ඡායාරූප)

Tuesday, 19 April 2022 - 8:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සිදු කරන විරෝධතා හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

හලාවත - කොළඹ, අවිස්සාවේල්ල - කොළඹ, මහනුවර - මහියංගනය මාර්ග මෙන්ම රත්නපුර, රඹුක්කන, කෑගල්ල,මාවනැල්ල, ගාල්ල, බදුල්ල - කොළඹ මාර්ගය හපුතලෙන්, සහ මාතර යන නගරවල මාර්ග ද අද (19) උදෑසන සිට අවහිර වූයේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සිදු කරන විරෝධතා හේතුවෙන්.

මීට අමතරව ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සිදු කරන විරෝධතා නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

එමෙන්ම ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ සේවකයින් ද අද උදෑසන ධාවනයෙන් ඉවත් වූයේ ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින්.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories