ඉන්ධන මිලට එරෙහිව ත්‍රිරෝද රථ හිමියන් විරෝධතාවක (වීඩියෝ හා ඡායාරූප)

Tuesday, 19 April 2022 - 11:35

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%84%E0%B7%8F+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දිවයිනේ ප්‍රධාන නගර රැසකම ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

ඇතැම් බස් රථ සේවකයින් අනෙක් බස් රථවලට ද ධාවනය කිරීමට ඉඩ නොදී මාර්ග ද අවහිර කළ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, රඹුක්කන, අම්බලන්ගොඩ, හැටන්, හලාවත ආදී නගර රැසකම අද (19) උදෑසන සිටම විරෝධතා දියත් කෙරුණේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිවයි.

ඇතැම් නගරවල ජනතාව සහ බස් රථ සේවකයින් ටයර් පුළුස්සමින් ගමනාගමනයට බාධා එල්ල කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ හේතුවෙන් හලාවත - කොළඹ, අවිස්සාවේල්ල - කොළඹ, මහනුවර - මහියංගනය, කොළඹ - කතරගම ඇතුළු තවත් මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වුණා.

මීට අමතරව ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයෙන් සිදුකළ විරෝධතාවක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

මේ අතර, ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය පානදුර නගරයෙන් අවහිර කරමින් ත්‍රිරෝද රථ හිමියන් ද විරෝධතාවක නිරත වුණා.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම බස් සංගම්වල නියෝජිතයින් සදහා සාකච්ඡාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

අද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම, අද දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේෂ් පැවසුවේ, දිවයිනේ වැඩබිම්වල නියැලෙන සියලු දෙන අද දින වැඩ බිම් වර්ජනය කොට, අරගලයට එක්වන බවයි.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලබන මෙම දීප ව්‍යාප්ත ජාතික කළු විරෝධතාව හා උද්ඝෝෂණ මාලාව හෙට (20) පස්වරු 12.30 -1.30 ට සියලුම දිස්ත්‍රික්කයන්හි දී ආරම්භ වනු ඇති.

එම දිස්ත්‍රික්ක ලැයිස්තුව අනුව අරගලයට එක්වන දිස්ත්‍රික්ක ලෙස දක්වා ඇත්තේ, අනුරාධපුරය - බැංකු වටරවුම,
අම්පාර - රීගල් හන්දිය, බදුල්ල - බස්නැවතුම්පොළ අසල, මඩකලපුව - ගාන්දී පාක්, ගාල්ල - බස්නැවතුම්පොළ ඉදිරිපිට, ගම්පහ - මිරිස්වත්ත හන්දිය, හම්බන්තොට - අම්බලන්තොට ඔරලෝසු කණුව අසල, කලුතර - මහජන බැංකුව අසල, මතුගම ඔරලෝසු කණුව ඉදිරිපිටදී, මහනුවර - ඔරලෝසු කණුව ඉදිරිපිට ලංකා බැංකුව ඉදිරිපිට,
කෑගල්ල - කඩවීදිය, කුරුණෑගල - ඔරලෝසු කණුව අසල, මාතලේ - ඔරලෝසු කණුව අසල, මාතර - සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අසල, මොණරාගල - ඔරලෝසු කණුව අසල, නුවරඑළිය - තැපැල් කාර්‍යාලය ඉදිරිපිට, හැටන් - මල්ලි අප්පු මංසන්දියේදී, යාපනය - කච්චේරිය ඉදිරිපිට, වව්නියාව - කාර්ගීල්ස් ඉදිරිපිට, ත්‍රිකුණාමලය - බස්නැවතුම්පොළ අසල, පොලොන්නරුව - කදුරුවෙල දුම්රිය පොළ ඉදිරිපිට, පුත්තලම - හලාවත නගරය සහ රත්නපුර - මහජන බැංකුව ඉදිරිපිට දී මෙම දැවැන්ත උද්ඝෝෂණ රැළිය ඇරඹෙනු ඇති.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories