General20 April 2022

බැසිල්ට සෙත්පතා බෝධි පූජාවක්

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයට සෙත්පතා අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක බෝධිපූජා පින්කමක් පවත්වා තිබෙනවා.

හිටපු අමාත්‍යවරිය ක් සහ ඇයගේ සැමියා ඇතුළු ආණ්ඩුවේ හිටපු ප්‍රධාන ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රී වරයෙකු ද මීට සහභාගි වී තිබෙනවා.

බැසිල් රාජපක්ෂයගේ තවත් සමීපතයින් කිහිප දෙනෙකු ද මේ සඳහා සහභාගි වී තිබෙනවා.

කොරෝනා රෝගයට ගොදුරු වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි බැසිල් රාජපක්ෂ මේ වන විට නිවසටවී විවේක ගන්නා බව ද වාර්තා වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes